nsb

Dec 04, 2016

හාල් මිල නහුතෙට නැග්ගත් වසවිස නැති හාල් මිල ස්ථාවරයි ! Featured

වසර ආරම්භයේ සිට මේ දක්වා පොදු වෙළෙඳපලේ සහල් මිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි වාර්තාවේ.

සතිඅන්ත පුවත්පතක් කොළඹ පිටකොටුවේ තොග වෙළෙඳසල් ඇසුරින් කළ සමීක්ෂණයකින් මේ බව හෙළිව තිබේ.

මේවන විට පරිභෝජනයට සුදුසු සහල් කිලෝවක සාමාන්‍ය මිල රුපියල් 90 දක්වා වැඩිවී ඇති බවද පැවසේ.

එය මීට පෙර පැවැතියේ රුපියල් 60ක පමණ මිලකට බවද වාර්තා වේ.

මේ ගැටලුවට මූලික හේතු දෙකක් ඇති බව වාර්තා වේ. ඉන් එකක් වන්නේ දේශීය වී මෝල් අතලොස්සක් විසින් පවත්වාගෙන යනුලබන සහල් ඒකාධිකාරියත්, විශාල ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් සහල් තොග සඟවා සහල්මිල පාලනය කිරීමත් බවත් ශ්‍රී ලංකා මිරර් කළ සොයා බැලීමකදී හෙළිවිය.

වසවිසෙන් තොර සහල් ඒකාධිකාරිය බිඳියි !

වෙළෙඳ පොළ තුළ මෙසේ ඒකාධිකාරියක් පවත්වාගෙන යනු ලබන්නේ වසවිස සහිත සහල්වල වුවත් වස විසවලින් තොර සහල් වෙළෙඳ පොළ තුළ එවැනි තත්ත්වයක් නැතැයිද වාර්තා වේ.

වස විසෙන් තොර සහල් කිලෝවක් මේවන විට රුපියල් 110ත් 120ත් අතර මුදලකට මිලදී ගත හැකි බව පැවසේ.

මහ කන්නයේදීද වස විසෙන් තොර සහල්වලට විශේෂ අනුග්‍රහයක් ලැබී ඇති අතර ඒ අනුව අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් මෙවර මහ කන්නය තුළ වගා කිරීමට සැලැසුම් කර ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 25,000ක්ද වගා කිරීමට නියමිත අතර එයට මැදිහත්ව සිටින ගොවීන් ප්‍රමාණය 13,000ක් පමණ වෙතැයි පැවසේ.

වලවේහි මෙසේ වසවිසෙන් තොර වී අක්කර 10,000ක් පමණ වගා කිරීමට සැලැසුම්කර ඇති බවත්, ඊට ගොවීන් 4,700ක් පමණ දායක වෙතැයි වාර්තා වේ.

ඊට අමතරව, මහවැලි බී කලාපය තුළත් අක්කර 10,000ක් පමණ වී වගා කිරීමට නියමිත අතර ඒ සඳහා ගොවීන් 4,000ක් පමණ දායක වෙතැයි වාර්තා වේ.

- කැළුම් ශිවන්ත

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top