Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 04, 2016

මන්ත්‍රී සැප රාජපක්ෂ සමයටත් වඩා ඉහල ගිහින් ? Featured

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට රාජපක්ෂ සමයේදීද නොලැබුණ ආකාරයේ වරප්‍රසාද මේවන විට ලැබීම සම්බන්ධයෙන් සමාජ වෙබ් අඩවිවලින් ආණ්ඩුවට දැඩි දෝෂාරෝපනයක් එල්ලව තිබේ.

එසේ චෝදනා එල්ලව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිල නිවාස වෙනුවට කොළඹින් නිවසක් කුලියට නිවසක් ගැනීමට රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ගෙවීමේ යෝජනාව බරපතල ලෙස විවේචනයට ලක්ව ඇත.

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස මන්ත්‍රීවරුන්ට පදිංචියට සුදුසු මට්ටමක නොමැති බැවින් ඔවුන්ට කොළඹ අවටින් නිවසක් කුලියට ගැනීමට මෙම මුදල දීමනාවක් ලෙස ගෙවිය යුතු බවට පසුගිය අඟහරුවාදා මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්වී තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේද නිල නිවාස නොමැති මැති ඇමතිවරුන් සඳහා රුපියල් ලක්ෂයක නිවාස කුලී දීමනාවක් ලබාදීමට මුලදී තීරණය කර තිබූ අතර ඊට එල්ල වූ දැඩි විරෝධතා හමුවේ එය මසකට රුපියල් පනස් දහස (රු. 50,000) දක්වා අඩු කිරීමට සිදුවිය.

ළමයින්ට කෝටි බාගයයි : ඇමති වාහනවලට කෝටි 79යි

ළමා කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි භාගයක් වෙන්කරද්දී අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීමට රුපියල් කෝටි 79ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබීම ගැනද විවේචන එල්ලවී ඇත.

ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු හා විපක්ෂ නායක ඇතුළු පිරිසක් වෙනුවෙන් වාහන 28ක් ගැනීමට අදාළ මුදල ඉල්ලා ඇත.

මේ ඇස්තමේන්තුව පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කරනු ලැබුවේ සභා නායක ලක්ෂමන් කිරිඇල්ල මහතා විසිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනුවෙන් ලැබෙන වේතනය හා දීමනා සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් දැක්වූ සටහනක් පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top