15976 BM WEB BANNER 01
Dec 04, 2016

මංගලගෙන් FCID යට පැමිණිල්ලක් - ලොස් ඇන්ජලිස් සිටි ප්‍රභූ පුතා කව්ද ? Featured

රාජපක්ෂ පාලන සමයේදී රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන නවාතැන් සපයාදුන්නේ කව්රුන් සඳහාදැයි සොයා බලන ලෙස විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) ඊයේ (03) පැමිණිල්ලක් කර තිබේ.

මිට අදාළ ලිපිගොනු හා තොරතුරු රැසක් FCID ය වෙත ලබාදී ඇති විදේශ ඇමතිවරයා, ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි කුලියට ගෙන තිබු මෙම නිවාස සඳහා විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව සඳහන් කර තිබේ.

2015 මාර්තු මස දක්වා රාජපක්ෂ පාලනයේ සිටි ප්‍රබල නිලධාරියකුගේ පුතකු උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනුවලින් අනාවරණය වී ඇතැයි සිය පැමිණිල්ලෙන් කියා සිටින විදේශ ඇමතිවරයා, එම ප්‍රභූ පුත්‍රයාගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද කියා සිටියි.

එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.

මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් බව බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යංශයට සිදුවූ බවද කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top