Dec 05, 2016

‘නිල්වලා’ මෙගාඩීල් : FCID ය ජනපති නොමග යැව්වාදැයි සැකයක් ? Featured

නිල්වලා ගග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අර්ධ සත්‍ය තොරතුරු ලබාදෙමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය  (FCID) විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමග යවා ඇද්දැයි බලවත් සැකයක් මතුව තිබෙන බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා විසින් 2016/07/07 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකා මගින් මෙම ගණුදෙනුව සම්බන්ධයෙන් වූ නොසැලකිල්ල නිසා මේසා විශාල මුදලක් වැඩකට නොගෙන අතහැර දමා තිබෙන බව පැහැදිලි වන බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ලබාදී තිබු තොරතුරු මත පදනම්ව ජනාධිපතිවරයා පසුගිය දා ගාල්ලේ දි කියා සිටියේය, රාජපක්ෂ පාලනයේ අවසන් මොහොතේදී පවා නිල්වලා ගග ව්‍යාප්තිය වෙනුවෙන් ලබාගත් 
රුපියල් කෝටි 420 ක් පමණ වූ මුදලක්  අතුරුදහන් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් FCID ය මේ වනවිටත් විමර්ශන ආරම්භ කොට ඇත.

ඉහත මුදල් නිකුත් කිරීමට ප්‍රථම එනම් 2014/04/31 දින කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගිවිසුම නීති පති වෙත යොමු කොට ඒ සඳහා එකඟතාවය ලබා ගත් බව කැබිනට් පත්‍රිකාවේ 2 වෙනි පිටුවේ 3 වන ඡේදයේ පැහැදිලිව සඳහන් වේ.

අත්තිකාරම් මුදල ?
එමෙන්ම 2 පිටේ 4 වන ඡේදයේ සඳහන් වන්නේ එම සමාගමට අත්තිකාරම් මුදලේ මූලික 5% සඳහා ඇ ඩොලර් 29,989,000 ක් එනම් රුපියල් මිලියන 450 ක් පමණ 2015 ජනවාරි 7 වෙනිදා අමතර ගෙවිමට අනුමැතියය.

එම ඡේදයේ තවදුරත් සඳහන් කොට ඇත්තේ “අත්තිකාරම් මුදලේ මූලික 5% ගෙවීම් කොන්ත්‍රාත්කරු හට සම්පූර්ණයෙන් ගෙවා නොතිබු හේතුවෙන් සහ එවකට සිදු වූ දේශපාලන වෙනස්කම්ද හේතු පාදක කරගනිමින් ව්‍යාප්තියේ කාර්යයන් ඉදිරියට කරගෙන යාම සඳහා සේවායෝජකයා විසින් අදාළ කොන්ත්‍රාත් සමාගම වෙත උපදෙස් ලබා දි නැත.” යන්නයි.

ඒ අනුව සේවායෝජකයා යනු වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයයි. 

මෛත්‍රීගේ හිතවතුන් :
මෙම ව්‍යාපෘතිය සඳහා කෝටි 420 ක් මුදල් ලබා ගන්නා අවස්ථාවේ වගකීම දැරුවේ වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශය වන අතර එවකට එම ඇමැති ධුරය ඉසිලුවේ නිමල් සිරිපාල ද සිල්වා මහතාය. 

2015 ජනවාරි 08 ආණ්ඩු පෙරළියෙන් පසු දුමින්ද දිසානායක මහතාත් වර්ත්මානයෙෙහි විජිතමුණි සොයිසා මහතාත් එම වගකීම උසුලයි. 

ඔවුන් සියලු දෙනා ශ්‍රීලනිපයේ ඇමැතිවරුන් වන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය නියෝජනය කරයි. 


කැබිනට් අනුමැතිය :
කෙසේවුවද, ජනාධිපතිවරණයට පෙර දින රුපියල් මිලියන තුන්දහසකට අධික මුදලක් ඉවත්කරගෙන ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා චෝදනා කිරීමෙන් පසු ආන්දෝලනයට ලක්වී ඇති ගිං නිල්වලා හැරවුම් ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ප්‍රශ්නගත චීනයේ චයිනා සී.ඒ.එම්.සී ඉංජිනියරින් සමාගමට ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇතැයි වාර්තාවේ.

ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූ අනාවරණයට අදාලව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සිය චීන සංචාරය අතරතුරදී ප්‍රකාශ කර තිබූ අතර රාජපක්‍ෂ පාලන කාලයේ එම විෂයභාරව සිටි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඊට පිළිතුරු දිය යුතු බව විපක්‍ෂය ප්‍රකාශ කර තිබුණි.


අදාළ කැබිනට් පත්‍රිකාව 

cabinetpaperNilwala

 

comment (1)

  • කුමාරගේ පෙරේරා
    • කුමාරගේ පෙරේරා
    • commented on 12 Mon, 2016 AT 10:21

    කවුද හොරු ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top