Dec 05, 2016

විරෝධතාවන්ට ඉඩ නොදිය යුතුයි - ඇමැති එස්‌.බී.

රටේ අනවශ්‍ය විරෝධතාවලට ඉඩ නොදී ඒවා විසුරුවා හැරිය යුතු යෑයි සමාජ සවිබල ගැන්වීමේ සහ සුබ සාධක ඇමැති එස්‌. බී. දිසානායක මහතා කියා සිටියේය.

"රජය හොඳ වැඩ ක්‍රියාත්මක කිරීමට යද්දී ඒවායේ ඇද කුද දකින අන්තවාදීන් පිරිසක්‌ අනවශ්‍ය ආකාරයට විරෝධතා ක්‍රියාත්මක කරනවා. ඔවුන් රට ඉදිරියට ගෙන යන්න දෙන්නේ නැහැ. මෙම අන්තවාදීන් කරන වැඩවලට අපි ඉඩ දෙන්නේ නැහැ.'' යයි ද ඇමතිවරයා කීය.

වැඩවර්ජන පරාද කිරීමට :


මේ අතර කළුතර මහ රෝහලේ පසුගියදා පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුයේ,  වර්ජකයින්ට රජය පාලනය කිරීමට ඉඩදිය නොහැකි බවයි.

වැඩවර්ජන පරාද කිරීමට රජයට හැකියාවක් ඇති බවද ඔහු අවධාරණය කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top