nsb

Dec 05, 2016

ස්වර්ණවාහිනිය ගැන ජීවකගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - වීඩියෝ Featured

ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනය කිසිම ලෙසකින් නොවිකුණන බව ස්වර්ණවාහිනී රූපවාහිනී ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජීවක එදිරිසිංහ මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ පසුගියා කාලයේ දී මාධ්‍යයේ පලව තිබූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

ස්වර්ණවාහිනිය, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් මහතාට විකිණීමට යන බවට වන මාධ්‍ය වාර්තාද ඒ මහතා බැහැර කළේය.

ඔහු කියා සිටියේ ඇලෝසියස් මහතා මේ කාරණාව සම්බන්ධයෙන් කිසිම දිනක මුණ ගැසී නොමැති බවයි.

එසේම ස්වර්ණවාහිනිය හෝ ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය විකුණා දැමීමට කිසිදු වුවමනාවක් නොමැති බවද ඔහු කීය.

ස්වාර්ණවාහිනියේ අයිතිය

එම නාලිකාවේ අයිතිය එදිරිසිංහ සමාගම සතුවන බවත්, එම සමාගම තම පවුලේ අයගේ සමගාමක් බවද ඔහු කියා සිටියේය.

නාලිකාවේ ණය

ස්වර්ණවාහිනිය, කිසිවකුට ණයක් ඇත්දැයි විමසූ විට ජීවක මහතා ස්වර්ණවාහිනිය ණය නැති බවත්, අනෙකුත් ව්‍යාපාර මෙන්ම එය බැංකුවලින් ලබාගත් ණය නම් ඇති බවත් කියා සිටියේය.

වැඩිදුරටත් ඔහු මෙසේ කීය

කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top