Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 10, 2018

අගමැතිකම බාර ගන්නැයි මහින්දට ආරාධනයක් ! Featured

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබී ඇති අතර ඒ අනුව ජනමතයට ගරුකරමින් අගමැති ධුරය බාර ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරධනා කරන්නැයි ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මැතිවරණ ප්‍රතිපල අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට තවදුරටත් ආණ්ඩුවේ තනතුරු දැරීමට සදාචාරාත්මක අයිතියක් නැතැයි එම උපදේශකයින්ගේ ස්ථාවරය වී ඇත.

'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාව වන පරිදි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙකු හෙට ජනාධිපතිවරයා හමුවී සිය ඇමති ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

හිටපු ජනපති මහින්ද රාපක්ෂ මහතා පවතින තත්වය පිළිබඳව අදහස් දක්වමින් ඉල්ලා සිටින්නේ ආදර්ශමත්ව හා සාමකාමීව මෙම ජයග්‍රහණය සැමරීමට කටයුතු කරන ලෙසයි.

වීඩියෝ- වෙබ් ගොසිප්

2018 පළාත් පාලන ඡන්ද විමසීම : තවත් පුවත්

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top