Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 11, 2018

ගෝඨා හෙට එයි : ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිය පළකරයි Featured

ජනතාව සෑමදාම රැවටිය නොහැකි බව මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනෙන බව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් පවසයි.

මාතෘ භුමියේ ජයග්‍රහණයට දායක වූ සැමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ස්තුතිවන්ත වන බවද ඔහු කියා සිටියි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට නියමිත බව කියන ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (12) දින යළි දිවයිනට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තාවේ.

GR

27749982 950213808477268 3016007269943523343 n

 

ගෝඨාව එළිය එළියේදී හරසරින් පිළිගන්න යයි 

හිටපු ආරක්ෂක ලේකම්වරයා හෙට (12) ඩුබායි සිට කටුනායක බලා පියාසර කරනු ලබන එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK 650 ගුවන් යානයෙන් කටුනායකට ළගාවීමට නියමිතය.

ඔහු හරසරින් පිළිගැනීමට මේවන විට එළිය සංවිධානයේ පිරිසක් සූදානමින් සිටින බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top