Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
ඩබ්.එම් ශිරෝමාලා  මන්ත්‍රීවරිය ඩබ්.එම් ශිරෝමාලා මන්ත්‍රීවරිය
Feb 13, 2018

මහින්දගේ රැහේ කැකුළිත් ගොඩ ! Featured

ඉකුත් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස දෙහිඅත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළ ආදිවාසී කාන්තාව වන ඩබ්.එම්. ශිරෝමාලා මහත්මිය (37) එම කොට්ඨාස ජයගැනීමට සමත්ව තිබේ.

ආදිවාසි කාන්තාවක් මහජන නියෝජිතවරියක් ලෙස පත්වූ පළමු අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට ද එක්ව ඇත.

අපොස (සාපෙළ) දක්වා අධ්‍යාපනය ලබා ඇති දෙදරු මවක් වන ශිරෝමාලා ඡන්ද 1,369ක් ලබා ගැනීමට සමත්ව වූවාය.

දින්න ගමන්ම කැකුළිත් පොරොන්දු කඩලා ?

Womenmp

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් ශිරෝමාලා මහත්මිය මෙසේ පැවසුවාය.

“ මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්න ඔක්කෝම විසදන්න බෑ ටිකක් හරි විසදන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නැ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදි පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත් වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව”

රැහේ එකී සබේට ගිය එක ගැන නායකලා ඇත්තෝ තුටින්

Weddahappy

හේනානිගල ගම්මානයේ ආදිවාසි නායක ඌරුවරිගයේ ගුණබංඩා නව මන්ත්‍රීවරියගේ සතුට භුක්ති විදිමට ඇගේ නිවසට පැමිණ

මේ අතර, හේනානිගල ගම්මානයේ ආදිවාසි නායක ඌරුවරිගයේ ගුණබංඩා කියා සිටියේ "මම කියන්නේ රැහේ ඇත්තන්ගේ සහයෝගයෙන් පත් වු ඇය රැහේ ඇත්තන්ගේ හිත් දිනාගෙන රැහේ ඇත්තනගේ ගැටලු ප්‍රශ්නවලට මැදිහත් වී ඒවා විසදනවා වගේම ඉදිරියේ දි ගමේ විතරක් නෙවෙයි පළාතේ වාගේ රටේ ප්‍රශ්නත් විසදන්න පුඑවන් තැනකට යන්න වසනාව ලැබෙවා කියන ගමන් මාගේ හිතට ලොකු සතුටක් දැනේනවා රැහේ එකියක් මංත්‍රිවරියක් විම පිලිබද රැහේ උන්ට ලොකු ආඩම්බරයක් බවයි.

නායක ඇත්තන්ට ලොකු බයක් හිත් පොජ්ජට දැනිලා

ශ්‍රී ලංකාවේ ආදිවාසි පරපුරේ 19 වැනි නායකයා මෙන්ම වර්තමාන නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ ශිරෝමාලා දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශිය සභාවට යාම ගැන මෙසේ සඳහන් කළේය.

UruwarigeGunabanda

හේනානිගල ගමිමානයේ ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ

“ අපේ රැහේ කැකුළියක් මංත්‍රීවරියක් වීම පිළිබද ලොකු සතුටක් පපු කැනැත්තට දැනේනවා. ඒ වාගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම් අද අපේ රටේ ඉන්නේ දේශපාලඥයන් පාලකයන් නෙවෙයිනේ. ජනතාව රවටමින් බොරුව දුෂණය වංචාව සහ රට විනාශ කරන දෙශපාලණ ක්‍රමයක්. එවැනි ක්‍රම අනුගමනය කරන තැනකටවාගේම එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යන විට කල්පනාකාරි විය යුතුයි. මොකද මේ රටේ පරිසරයට රටට ආදරය කරන පැරණිම මිනිස්සු අපි නිසා නවින ලෝකේ එක්ක ගනු දෙනු කරනකොට අපේ සංස්කෘතික සිරිත් විරිත් අමතක වෙන්න පුඑවන්. මම ඇතුඑ හේනානිගල නායක ඇත්තැන්ගේ අවවාද අනුශාසනා වලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. ලංකා ඉතිහාසයේ කවදාවත් අපේ ප්‍රශ්න ගැටලු මෙතෙක් කල් කියන්න සිද්ධ වුනේ වෙනත් පක්ෂයක වෙනත් වරිගයක අයට තමයි. නමුත් දැන් අපේ ප්‍රශ්න ගැටඑ කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබදව මා පමණක් නෙවෙයි අපේ රටේ ගම්මාන 62ක ජිවත්වන ආදිවාසි සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වාගේම තමයි මාගේ පුර්ණ ආශිර්වාදය ලබා දෙනවා. හැබැයි ස්වභාව ධර්මයෙන් පිට වාගේම රැහේ සංස්කාතියට පිටින් වැඩ නොකරණ ලෙසත් මා අවවාද කරනවා. ඉදිරියෙදි පැවැත්වන ප්‍රාදේශිය සභා පලාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සදහා රටපුරා තිබෙන අපේ ආදිවාසි ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන් කැකුළියන් ඉදිරිපත් කර ජයග්‍රාහණ ලබාගෙන රටත් ස්භාවධර්මයත් රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායක විම අපේ එකම බලාපොරොත්තුයි යැයි පැවසීය.

සටහන හා ජායාරූප - ඩබ්ලිව්.එම්. පියතිලක

සබැඳි පුවත්
කැළෑ පොජ්ජ පටෑරගෙන කැකුළී ප්‍රාදේශිය සභාවට

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top