Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 13, 2018

මහින්දට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය ඉදිරි ජනාධිපතිවරණයකදී ලබා ගැනීම සඳහා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදේශකයන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව ජාතික සංවිධාන එකමුතුව අද (13 දා) සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකයන් පවසන පරිදි කටයුතු කළ හොත් මෙවර ප්‍රතිඵලය ඉදිරියේදී බලාපොරොත්තු නොවන ලෙසත් , ඊළඟ රජයේ කටයුතු පවත්වාගෙන යාම ගැන ඔහු සොයා බැලිය යුතු බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

නාවල රාජගිරිය පාරේ පිහිටි ජාතික සංවිධාන මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර මහතා සඳහන් කළේ හිටපු ජනාධිපතිවරයා ගනු ලබන තීරණ කෙරෙහි ජාතික සංවිධානය අවදියෙන් බලා සිටින බවයි.

දේශ හිතෛශි ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී සඳහන් කළේ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට උපදේශකයන්ගෙන් හා ඔහු වටා සිටි ඇතැම් පුද්ගලයන්ගේ මැදිහහත්වීම් බලපෑ ආකාරය සිහියේ තබාගෙන ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගත යුතු බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top