Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2018

පොහොට්ටු ජයට පබ්ලිසිටි නැතැයි ඩලස්ගෙන් අඳෝනාවක් !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය පිළිබඳ රටේ ප්‍රධාන මාතෘකාව යටපත් කරමින් පසුගිය පැය 48 ඇතුළත අධිපතිවාදී මතවාදය ජනතා මනසේ තැන්පත් කිරීමට ආණ්ඩුව සමත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

ඒ මහතා බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ අද (15) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේය.

තනි ආණ්ඩු හා රනිල් වික්‍රමසිංහ මහතා නොමැති ආණ්ඩු ගැන කතා කිරීම නිර්මාණශීලී සැලැස්මකට අනුව සිදුවුණු බවත්,මැතිවරණයට පෙර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා පැවසූ ආකාරයට මෛත්‍රී-රනිල් එකමුතු ආණ්ඩුවක් පිළිබඳ උණුසුම් ප්‍රවෘත්තිය අද සවස 5.00ට බලාපොරොත්තු විය හැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මෙම නාඩගම රඟදැක්වීම සඳහා අද සවස පහට තිරය විවෘත කිරීමට තුන්වැනි සීනුව වදිනු ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top