Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 14, 2018

මුස්ලිම් කොංග්‍රසයෙන් තේරුණු මන්ත්‍රීන් අතර සිංහලයන් 6ක්

පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී, තනිවම සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ හරහා ඉදිරිපත් කරන ලද අපේක්ෂකයන්ගෙන් දිස්ත්‍රික්ක 19කින් මන්ත්‍රී ධූර 185ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමත්වී ඇති බව වාර්තා වේ.

ඒ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරඟ කළ සිංහල අපේක්ෂකයන් 06 දෙනෙකු ද තේරී පත්වී ඇති අතර, ද්‍රවිඩ අපේක්ෂකයන් සඳහාද මන්ත්‍රී ධුර ලබා දීමට නියමිතය.

තවද, සභාවන් 13ක බලය පිහිටුවීමේ වරමද හිමි වී තිබේ. නව මැතිවරණ ක්‍රමයට අනුව එම සභාවල සන්ධානගත වී බලය තහවුරු කිරීමේ සාකච්ඡා ආරම්භ කර ඇත.

කොංග්‍රසයේ ගස ලකුණෙන්, එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණෙන්, මුස්ලිම් ජාතික සන්ධානයේ තරාදිය ලකුණෙන්, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණේ දළු දෙකේ ලකුණෙන් සහ ස්වාධීන කණ්ඩායම් වශයෙන්ද ඉදිරිපත් වී මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

මීට අමතරව මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග ඇති කරගන්නා ලද එකඟත්වයට අනුව තවත් නියෝජිතයන් ලැබීමට නියමිතය.එහෙයින් මන්ත්‍රී ධූර තවත් වැඩිවීමට ඉඩ ඇත.

දිස්ත්‍රික්ක මට්ටමෙන් ගත්කල අම්පාරේ නියෝජිතයන් 59ක්, ත්‍රිකුණාමලයෙන් නියෝජිතයන් 27ක්, මඩකලපුවෙන් නියෝජිතයන් 24ක්, පුත්තලමෙන් නියෝජිතයන් 17ක්, කුරුණෑගලෙන් නියෝජිතයන් 07ක්, මහනුවරෙන් 12ක්, මන්නාරමෙන් නියෝජිතයන් 08ක්, අනුරාධපුරෙන් නියෝජිතයන් 05ක්, කළුතරෙන් හා මාතලින් නියෝජිතයන් 04 බැගින්ද, බදුල්ලෙන් හා කොළඹින් නියෝජිතයන් 03 බැගින්ද, ගම්පහෙන් හා ගාල්ලෙන් නියෝජිතයන් 02ක බැගින් සහ පොළොන්නරුව ,මාතර, කෑගල්ල,වවුනියාව, මුලතිව්, නුවර එළිය යන දිස්ත්‍රික්කවල නියෝජිතයන් 01ක බැගින්ද මුස්ලිම් කොංග්‍රසය විශිෂ්ඨ ජය ලබාගෙන ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top