Oct 16, 2017

කූඹි ගමේ කූඹි ගෙදර කූඹි ප්‍රියන්ත

කළණ ගුණසේකර කියන්නේ දක්‍ෂ වේදිකා නාට්‍ය නළුවෙක්. ඒ වගේම වේදිකාවට ආදරය කරන පේ‍්‍රක්‍ෂකයාට නම් කළණ ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු වන්නේ නැහැ. එහෙත් කළණ
ගැන දන්න පිරිසට වඩා නොදන්න අයට මුලින්ම කළණ ගැන කියන්න හිතුවා. වේදිකා නාට්‍ය නළුවෙක් වුණු කළණ ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩකට බැහැලා තියෙනවා.

මේ දිනවල සෙනසුරාදා සහ ඉරිදා රාත‍්‍රී 8.00 ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශයවන ‘‘කූඹියෝ’’ ටෙලිනාට්‍යයේ් රංගනයත් සමග පේ‍්‍රක්‍ෂකාගාරයේම ඉහළ ප‍්‍රතිචාර දිනාගත්
කළණව අපි මෙවර කතාබහකට එකතු කරගන්න හිතුවා.

 IMG 16102017 095621 0කළණව වැඩිපුරම අඳුරන්නේ වේදිකා නාට්‍ය බලන පේ‍්‍රක්‍ෂකයො කිව්වොත් මම හරිද?
ඔව්... ඔබ හරි. මම වැඩිපුරම වැඩකරලා තියෙන්නේ වේදිකාවේ.

පාසල් යන කාලේ ඉඳලා ආසාවෙන් හිටියේ නළුවෙක් වෙන්නද?
ඇත්තටම එහෙම ආසාවක් සහ කිසිම අදහසක් මගේ හිතේ කවදාවත් ඇතිවෙලා නැහැ. තව දෙයක් ඉස්කෝලේ යන කාලෙ මට ඔය ලොකු හීන බලාපොරොත්තු තිබුණෙත් නැහැ. මම
අනාගතේ අරයා වෙනවා මෙයා වෙනවා කියලා අරමුණක් තිබුණෙත් නැහැ. හැබැයි මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා නාට්‍ය කළා. විශේෂයෙන් මගේ රංගන ජීවිතේ ධර්මප‍්‍රිය ඩයස්, ප‍්‍රියන්ත විතානගේ, පේ‍්‍රමකුමාර කරුණාරත්න සර් ආදරයෙන් මතක් කරන්න ඕනේ. රංගනයේ මට බොහෝ දේවල් ඉගැන්වූවේ ඔවුන්.

වේදිකාවට ප‍්‍රිය කරන්න විශේෂ හේතුවක් තිබුණද?
විශේෂ ප‍්‍රියතාවයක් තිබුණේ නැහැ. හැබැයි මම දිගටම නාට්‍ය කළා. එදා පටන්ගත්ත එක තවමත් මම නාට්‍ය කරමින්, රංගනයේ යෙදෙමින් ඉන්නවා. හැබැයි එකක් කියන්න ඕන අනෙක්
විෂයන් වගේම මේකත් විෂයක්. සෑහෙන දේවල් සොයා ගන්න තියෙනවා. නළුවා කියන පුද්ගලයා හැම මොහොතකම අනෙකාට රසයක් දීම සඳහා තමන්ගේ මානසිකත්වය අලුත්
කරගන්නවා. ඒක ඉතින් මේ රස්සාවේ හැටි.

වේදිකා නාට්‍යවලින් කලාවට එනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි, ටිකක් අමාරු වැඩක්. කොහොමද කළණ මේ පිම්ම පනින්නේ?
මම ඉගෙන ගත්තේ පිළියන්දල මැදි විදුහලේ. පේ‍්‍රමකුමාර සර් තමයි මගේ මුල්ම නාට්‍ය ගුරුවරයා වුණේ. පාසල් කාලෙන් පස්සේ ඔහු මාව එළියේ කලා වැඩවලටත් දායක කරගත්තා.
2001 අවුරුද්දේ ඉඳලා වේදිකා නාට්‍ය කරන පිරිස අතරේ මමත් රස්තියාදු ගහමින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. බොහෝ දේවල් ගැන අත්දැකීම් ගත්තා. වේදිකා පරිපාලනය, රංගනය,
අධ්‍යක්‍ෂණය, මේ සියලූම දේවල් කරමින් අවුරුදු දහයක්ම නාට්‍ය කලාවත් එක්ක රස්තියාදු ගැහුවා. තවමත් අපි ඒ නාට්‍ය එක්ක රස්තියාදු ගහනවා.

අවුරුදු දහයක්ම රස්තියාදු ගහපු වේදිකාවෙන් කළණට මොනවද ලැබුණේ?IMG 16102017 100022 0
ලැබුණ දේවල්, නැතිවුණ දේවල් අනන්තයි අප‍්‍රමාණයි. වේදිකාව කියන්නේ කට්ටක්. කට්ට වුණාට අපි එකතු වෙලා එක එක නාට්‍ය කළා. 2004 අවුරුද්දේ මමයි රුවන් මලිත් පීරිස් මිත‍්‍රයායි එකතු වෙලා ‘‘දාස මල්ලිගේ බංගලාව’’ කියලා වේදිකා නාට්‍යයක් කළා. ඒකට රාජ්‍ය සම්මාන උළෙලේ සම්මාන අටක් ලැබුණා. ඒකෙදි හොඳම අධ්‍යක්‍ෂණයට සම්මානය ලැබුණේ අපි දෙන්නට. ඒකත් එක්ක මම රංගනයට වඩා අධ්‍යක්‍ෂණයට වැඩිපුර යොමු වුණා. අවුරුදු දහයක් වේදිකාවේ ගහපු රස්තියාදුවේ ප‍්‍රතිඵල තමයි ඒ.

 කළණ රංගනයට වැඩි ඇල්මක් නොදැක්වුවාට ඔබ රඟපෑ බොහෝ ටෙලිනාට්‍ය ඔබත් සමඟම සම්මානයට පාත‍්‍ර වුණා නේද?
ඔව්. ටෙලි නාට්‍ය දෙකකට  නිර්දේශ වුණා. හුස්ම සහ ඔක්සිජන්වලට ගිය වසරේ මට සම්මාන දෙකක් ලැබුණා. සම්මානයකට පුළුවන් නිර්මාණකරුවකුට යම් පිළිගැනීමක් සහ ධෛර්යයක් දෙන්න. ඇත්තටම මට රංගනය කියන දේ ඇතුළේ ජනප‍්‍රිය වෙන්න උණක් තිබුණේ නැහැ. අදටත් මට ජනප‍්‍රිය වීමේ පිස්සුවක් නැහැ. බොහෝ නළුවෝ කැමතියි තරු වෙන්න. ඒත් මට ඕන තරු වෙලා බැබළෙනවාට වඩා මේ විෂය ඇතුළේ මට කොච්චර දුරකට වැඩකරන්න පුළුවන්ද කියන එක අධ්‍යයනය කරන්න විතරයි.

 ‘‘කූඹියෝ’’ කියන්නේ ඔබ කළ අධ්‍යයනයේදී නතර වුණ එක තැනක්ද?
ඇත්තටම ඔව්. ‘‘කූඹියෝ’’ මට ගොඩක් විශේෂ වුණා. ලක්මාල් ධර්මරත්න එක්ක මම කලින් වැඩ කරලා තියෙනවා. ඉතින් ලක්මාල් මට කූඹියෝ ටෙලි නාට්‍යයට කතා කළාම මට ලොකු සතුටක් දැනුණා. මොකද ඒ කණ්ඩායම එක්ක වැඩ කරන්න ලැබුණ එක ගැන. ලක්මාල් සහ දමිත ලියලා තිබුණු පිටපත කියෙව්වම ඒ ආතල් එක තුන් හතර ගුණයකින් වැඩිවුණා. අපි සෑහෙන කතාබහ කළා මේ පිටපතේ ලියවුණු චරිත හදා ගන්න. අපිට නිර්මාණයකින් පෙනෙන්නේ නළුවෝ වුණාට ඒක ඇතුළෙ හැංගිලා ඉන්නේ අධ්‍යක්‍ෂවරයා සහ රචකයා ඇතුළු
කණ්ඩායමම. ඉතින් කූඹියෝ කොච්චර දුරට සාර්ථකද ඒක මේ සියලූ දෙනා අතරෙම බෙදෙන්න ඕන. ගමෙන් කොළඹට ඇවිත් ජීවත් වෙන්න ලොකු ගේමක් ගහන ගමේ ප්‍රියන්ත නම් තරුණයාව කළණගෙන් නිර්මාණය කළේ ලක්මාල්.

 කළණත් කලාව ඇතුළේ ජීවත් වෙන්න ලොකු ගේමක් ගහපු කෙනෙක්ද?
මම හරිම සරල මිනිහෙක්. මම කවදාවත් සල්ලි පස්සේ දුවපු මිනිහෙක් නෙමෙයි. කෙනෙකුගේ ජනප‍්‍රියත්වය තීරණය කරන්නේ පේ‍්‍රක්‍ෂකයෝ. ඒක ආභරණයක් නෙමෙයි කැමැත්තක්. අපිව
අගයන සියලූම දෙනාට මම හිස නමා ආචාර කරනවා. මම ඒක භාරගන්නේ ආදරයක් විදිහට වඩා වගකීමක් විදිහට. කලාව ඇතුළේ විතරක් නෙමෙයි මනුෂ්‍යයෙක් විදිහට ජීවිතය ගෙනියනව කියන්නේ ගේමක් තමයි.

 කළණගේ පවුලේ විස්තර ටිකකුත් කියමුකෝ?
මම ජීවත් වෙන්නේ වෙනිවැල්තොට කියන කොළඹ නගරයට ආසන්න ගමක. මගේ තාත්තා අද ජීවතුන් අතර නැහැ. අම්මයි, මල්ලියි මට ඉස්සර ඉඳලම කලා වැඩ කරන්න මාර සහයක්
දෙනවා. ඒ වගේම මගේ බිරිඳ ගයත‍්‍රි මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. තාම මගේ තටු කැඩෙන්නෙ නැතුව තියෙනවා. ඉතින් ඒ ස්තූතිය ඒගොල්ලන්ට.

 IMG 16102017 100049 0‘‘කූඹියෝ’’ට අමතරව මොනවද මේ දවස්වල අලූත් වැඩ?
සිනමා කෘති කිහිපයක්ම තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. තව ‘‘සුපර්ණා’’ චිත‍්‍රපටයෙන් රංගනයෙන් දායක වෙනවා.

ඔබට ‘‘කූඹියෝ’’ ටෙලි නාට්‍යයේදී අපූරු පුද්ගලයකු මුණ ගැහෙනවා. ඔහු ගැන කතා කළොත්?
රංගන ශිල්පියෙක් විදිහට ඔහු අනෙකාට දෙන සහයෝගය ඇත්තටම මාරයි. ඒක වචනවලට ගන්න බැහැ. තුමිඳු කියන්නේ අති දක්‍ෂ නළුවෙක් මිසක් රේස් අස්සයෙක් නෙමෙයි.

කළණව නිතර ටෙලි නාට්‍යවල දකින්න ලැබෙන්නැත්තෙ ඇයි?
ඇත්තටම දීර්ඝ ටෙලිනාට්‍යවල වැඩ කරන්න මම කම්මැලියි. චරිත අස්සේ අවුරුදු ගණන් ඉන්න මම කැමති නැහැ.

 නදීශා අතුකෝරල

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top