Oct 24, 2017

මගේ ඇමට මිනිස්සු කුලප්පු වුණා - ඉරාජ්

ඉරාජ් කියන්නේ මේ දිනවල රටේ දැඩි ලෙස කතාබහට ලක්වෙන චරිතයක්. පසුගිය දිනවල ඉරාජ් නිර්මාණය කරපු ‘දැණුනා’ වීඩියෝව මහත් ආන්දෝලනාත්මක වීඩියෝවක් ලෙස කතා
බහට ලක් වුණේ එක්තරා ප‍්‍රවීණ සංගීතවේදියකුගේ ජීවිතය අළලා නිර්මාණය වූවක් ලෙස සඳහන් කරමින්. එහි සත්‍ය අසත්‍ය කෙසේ වුවත්......

ඉරාජ් මේපාර ගහපු තුරුම්පුව වැරදුණා නේද?

රටේ කාටවත් කියන්න බැහැ මම ප‍්‍රසිද්ධ ගායකයෙක් පාවිච්චි කරලා වීඩියෝ එක හැදුවා කියලා. තොප්පිය දාගත්තට මට කරන්න දෙයක් නැහැ. හොඳම උදාහරණයක් කියන්නම්, ඔය කියන කලාකරුවත් පසුගිය දවසක ගීතයක් කළා. ඒත් කෝ ලක්ෂ 3ක් බැලූවද?. නැහැ. අන්න ඒ මිනිස්සු සොයන වෙනස තමයි මම දුන්නේ. ජැකලින් බොලිවුඞ්වල තොල් සිපගැනීමේ දර්ශනයක් කරාට අවුලක් නැහැ. ලංකාවේ නදීශා හේමමාලි කරාම අවුල්. ගොන්නු වගේ කෑගහනවා. මට කොච්චර බැණ්නත් පහර ගැසිය යුතු තැන්වලදී මම පහර ගහනවා. ආ තව දෙයක් මට කොතැනදීවත් වැරදුණේ නැහැ. මම සර්වසම්පූර්ණ මිනිහෙක් නෙමෙයි. මගේ වැරදි ඇති. ඒත් මම වැරදි දෙයක් කළේ නැහැ. අනිත් එක මේ වීඩියෝ එකකට කෑ ගහන එකේ අර විල්පත්තුවේ කැලෑ කපන එකට ඔය කටවල් ටික ඇරියා නම් මීට වඩා රටට යහපතක් වෙනවා.

 මේ දවස්වල ලංකාව ඇතුළේ වැඩිපුරම බැණුම් අහන පුද්ගලයා ඉරාජ්ද එහෙම නැත්නම් ඉරාජ්ගේ තාත්තාද?
දැන් විතරක් නෙමෙයි. ඉස්සර ඉඳළම මම බැණුම් අහනවා. ලංකාවේ මිනිස්සුන්ගෙන් බැණුම් ඇසිල්ල මට දැන් හරි පුරුදුයි. ඉතින් මම කරන දේවල්වලට ඇයි තාත්තා බැණුම් අහන්නේ?

 නෑ මම කිව්වේ නිතරම පුතාව නිවැරදිකරුවෙක් කරන නිසා ඉරාජ්ට බණින පේ‍්‍රක්ෂකයොම තාත්තාටත් බණිනවානේ?
තාත්තා කවදාවත් මගේ වරදකට බණිනවා මිසක් මාව සුද්ද කරලා නැහැ. මම වගේ පුතෙක් ඉන්න එක ගැන තාත්තා ආඩම්බර වෙනවා. මම හැම දෙයක් දිහාම වෙනස් ඇසකින් බලන
මිනිහෙක් කියලා මගේ තාත්තා දන්නවා. ඔය කෑ ගහන අයට කියන්නේ වීඩියෝ එක කළේ මම. වාද කරන්න ඕන නම් මාත් එක්ක කතා කරන්න.

එක්තරා ප‍්‍රකට රචකයෙකු ඔබේ මවගෙන් සහ පියාගෙන් මුහුණු පොත හරහා අහලා තිබුණා ඉරාජ්ට පොඩි කාලේ ත‍්‍රිපෝෂ නොදුන් නිසාද මේ වගේ තත්ත්වයක් අති වෙලා තියෙන්නේ කියලා?
මොලේ වර්ධනය නොවුණ අය තමයි මේවා මහා ලොකුවට අරගෙන කෑ ගහන්නේ. මගේ මියුසික් වීඩියෝ එකේ වැරදි පෙන්වන්න කලින් ඒ කියන අයගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඔන්න මම මේ වීඩියෝ එක TV එකේ පෙන්නුවා නම් මම ඔය කරන චෝදනාවලට උත්තර දෙනවා. මේවා යන්නේ යූටියුබ් එකේ. ඩේටා කපාගෙන බලලා වෙබ් අඩවිවල කෑගහලා වැඩක් නැහැ.

කාලෙන් කාලෙට මේ වගේ ආන්දෝලනාත්මක වීඩියෝ ගෙනල්ලා මොකක්ද ඉරාජ් බලාපොරොත්තු වෙන්නේ?
මම කරන්නේ වෙනස් නිර්මාණ. ලංකාවේ මිනිස්සු හැමදාම කරන්නේ එකම දේවල් ටිකක් විතරයි. කොල්ලෝ අඬනවා. ආදරයේ වේදනාවෙන් මිරිකිච්ච අඳෝනාවක් තමයි ලංකාවේ ගීතවල තියෙන්නේ. මිනස්සු මට බැණ්නට වෙනසකට කැමැතියි. ඒකනේ මට බැණ බැණ මගේ වීඩියෝ බලන්නේ ‘දැනුණා’ වීඩියෝ එක දැනට ලක්ෂ 30ක් බලලා තියෙනවා. තිරය ඉස්සරහ
සුද්දවන්තයෝ වුණාට ලංකාවේ මිනිස්සු කුණුරහට කැමැතියි. සමාජයේ කතාබහට ලක්වුණ දෙයක් තිබුණොත් මම ඒක වීඩියෝ එකකට ගන්නවා. ඒක කාටවත් තහනම් කරන්න බැහැ.

ඒකද ප‍්‍රවීණ කලාකරුවෙකුගේ ජීවිත කතාවක් අල්ලාගෙන වීඩියෝ එකක් ගැහුවේ?
ඉතින් පසුගිය කාලේ ඔය කියන කලාකරුවාට සාමජ වෙබ් අඩවිවල 75යි කලාකරුවාට 32 තරුණියක් විවාහ කරගත්තා කියලා මඩ ගැහුවා. මේ මියුසික් වීඩියෝ එකේ මේ ඔහුගේ ජීවිත
 කතාවමයි කියලා මම කොතැනකදීවත් කතා කරලා නැහැ. මේ වීඩියෝ එකේ සිදුවීම් ගණනාවක් කතා කරලා තියෙනවා. ආදරේට වයස් භේදයක් නැහැ කියලා කියන්නයි මට ඕන වුණේ.ඔය කෑගහන කවුරුත් මේ මියුසික් වීඩියෝ එකේ ඇතුළාන්තය දැක්කේ නැහැ. පේ‍්‍රක්ෂක ආකර්ශනය දිනාගන්න මම දාපු ඇම ටික මිනිස්සු දැක්කම පිස්සෙක් වගේ කුලප්පු වුණා. ඇත්ත,මම ඒ කලාකරුවාට සමාජ වෙබ්අඩවිවලින් ගහපු මඩ දෝෂාරෝපණ අරගෙන තමයි මේ වීඩියෝ එක කළේ. කොහොම වුණත් ඔය කියන පුද්ගලයාට වුණ සිදුවීම සහ මම වීඩියෝ එකට අරගත්ත සිදුවීම් ගොඩක් වෙනස්. ඇත්තටම ඒ කලාකරුවට හානියක් කරන්න සහ අපහසුතාවට ලක් කරන්න හිතාගෙන මේ වීඩියෝ එක කළේ නැහැ. සංගීතඥයෙක් විදියට ඒ පුද්ගලයට මමත් ගරු කරනවා. හැබැයි මගේ කට කෑවත් මම කිවයුතු දේ කියනවා.

 ඉරාජ් කියන්නේ අසූචි වුණත් විකුණගෙන කන එකෙක් කියලා විවිධ පාර්ශ්ව ඔබට චෝදනා කරද්දී ප‍්‍රවීණ කලාකරුවෙකුගේ පුතෙක් විදිහට මේ තරම් පහත් තත්ත්වයට වැටෙන්නේ ඇයි?
ඉරාජ්ට වැදගත් සල්ලි විතරද?
මිනිස්සුන්ට ඕනම දෙයක් කියන්න පුළුවන්. කියපු පුද්ගලයා හොඳ සංගීතඥයෙක් වෙන්න ඇති. මම ගීත ගොඩක් කරලා තියෙනවා. විශේෂයෙන් ජාත්‍යන්තරයට මම ගීත ගොඩක් කරලා
තියෙනවා. ඒ මිනිස්සු ඒ ගීත ආදරයෙන් වැළඳ ගන්නවා නම් ඒවා අසූචි වෙන්න බෑනේ. මම ලංකාවේ බෞද්ධ ගීත පවා කරලා තියෙනවා. ඒත් මිනිස්සු බලන්නේ අපේ නිර්මාණවල වැරදිම තමයි.අනිත් එක "යූ ටියුබ්" වල වීඩියෝ මම ගිහින් කාටවත් බලෙන් පෙන්වන්නේ නැහැ. හොඳ නැත්නම් ඩේටා කපාගෙන මොන මඟුලකටද මගේ වීඩියො බලන්නේ. මට ඊර්ෂ්‍යා කරන්න එපා.මම මගේ පාඩුවේ කීයක් හරි හොයාගන්න කෙනෙක්.

ඉරාජ් ජාත්‍යන්තරය ජය ගන්නවා කියන්නේ මේ වගේ වීඩියෝ කරලා පලුයන්න බැණුම් අහන එකද?
මට කොච්චර බැන්නත් මගේ නිර්මාණ මම කරගෙන යනවා. දැන් වෙනකොට මගේ "යූ ටියුබ්" චැනල් එක ලංකාවේ වැඩිම පිරිසක් නරඹන චැනල් අතරට ඇවිත් තියෙනවා. මම කවදාවත්
නරක දේවල් නරක නිර්මාණ කරලා නැහැ. මම කරන දේවල් දිහා නරක විදිහට බැලූවොත් තමයි නරක විදිහට පෙන්නේ.

ඔබ මේ වගේ වීඩියෝ එකක් කරනවා කියලා පියා දැනුවත් වෙලා හිටියද?
ඔව්. වීඩියෝ එක බලලා එයා කිව්වේ. ඔයා මාර වැඩනේ කරන්නේ කියලා විතරයි.

විල්සන්කරු කලාකරුවා පසුගිය සතියේ පුවත්පතකට කියලා තිබුණේ ඔහුව දැනුවත් කරලා නෙමෙයි මේ චරිතයට ගත්තේ කියලා?
ඒක සම්පූර්ණ බොරුවක්. ඔහුව මම මේකට ගත්තේ අත්සන් කරලා. ඔහු දැනුවත් නැහැ කියනවා නම් ඒක බොරුවක්.

 නදීශා අතුකෝරළ

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top