Nov 06, 2017

'දැන්‍ මගේම ගීත අටක් නිර්මාණය වෙලා තියෙනවා'- උත්පලා සුමදුමාලි

'ඊළග ඉනිම ඇරඹෙන්නේ මගේ ගමෙන්'

ඊළග ඉනිම සංගීත ප්‍රසංගය ගීතවත් කරන්නට පායන විශාරද උත්පලා සුමුදුමාලි සංගීත ක්ෂේත්‍රයේ නිහඬ දිගු ගමනක නිරත වන්නියකිි. ඇය සමඟයි මෙම කතා බහ

උත්පලා සංගීත ක්ෂේත්‍රයට පැමිණියේ කුඩා කාලයේදීමද?

මම පුංචි කාලයේ පටන්ම සංගීතයට උනන්දුයි. ‍සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා දැනට වසර 10 ක් පමණ වෙනවා. කුඩා කාලයේ ළමා පිටිය වැඩසටහනෙන් තමයි මම ක්ෂේත්‍රයට පැමිණියේ කියලා කියන්න පුළුවන් . ළමා මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ මම අධ්‍යාපනය ලැබුවේ. සුදර්ශනී චන්ද්‍රසේන ගුරු මෑණියන්, නිපුන් රංජිත් ප්‍රියන්ත, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන යටතේ සංගීතය හැදෑරුවා. ඉන්දියාවේ භාත්කණ්ඩේ විශ්ව විද්‍යාල‍යේ වසර 5ක් සංගීතය හැදෑරුවා. ඒ.ආර් රහුමාන් සමඟත් මම කාලයක් වැඩ කළා. ලංකාවේ විශිෂ්ඨ ගණයේ සංගීතඥයින්ගෙන් මම සංගීතය හැදෑරුවා.

මේ වන විට ගීත කීයකට හිමිකම්කියනවද?

මේ වන විට මගේම ගීත අටක් නිර්මාණය වෙලා තියෙනවා. 'වෙන කාටත් වඩා- හිත ගාව ලං වෙලා' ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. මේ ගීතයේ පද රචනය මාලක මුහන්දිරම් සංගීතවත් කලේ සංජු පෙරේරා.
ඒ වගේම 'මට දැනෙනවා ආදරේ' ගීතය ගොඩක් ජනප්‍රිය වුණා. මේ ගීතයේ පද රචනය ආරාධනා ඒකනායකගේ සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ. මේ වෙනුවෙන් මියුසික් වීඩියෝවක් පවා කළා.

පවුලේ විස්තර ගැන කිව්වොත්?

මම විවාහකයි. මවක්. පවුලේ අයගෙන් මගේ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මම ගෙදර පොඩියට සංගීත ඇකඩමියක් පවත්වාගෙන යනවා.

ගායන තරු තරගයකදී ඔබ ඇගයීමට ලක් වුණා නේද?

රණවිරු රියල් ස්ටාර් තරගාවලියේ සුවිශේෂ කටයුත්තකට දායක වෙන්න මට අවස්ථාව ලැබුණා. එහි තෙවන අදියරේ හඬ පුහුණු කිරීම් කටයුතු භාර වුණේ මට. එහිදී මම මගේ උපරිම දායකත්වය කැපවීමෙන් ලබා දුන්නා. ඒ වෙනුවෙන් මට රාජ්‍ය මට්ටමේ සම්මානයක් හිමි වුණා.

ඔබේ ඉදිරි සංගීත කටයුතු පෙළ ගැසිලා තියෙන්නේ කොහොමද?

ලබන 11 වැනිදා පැවැත්වෙන ඊළග ඉනිම ප්‍රසංගයට මම සහභාගී වෙනවා. අතුල අධිකාරී, සංඛ දිනෙත්, රවීන් කණිෂ්ක යන ගායන ගීල්පීන් සමඟයි මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ.

11 වැනිදා සවස 6.30 ට ගම්පහ සුමේධ විද්‍යාලයට එන්න කියලා මම මගේ රසික රසිකාවියන්ටත් ආරාධනා කරනවා.

ගම්පහ කියන්නේ මගේ ගම මගේ ගමෙන් ඇරඹෙන මේ ඊළග ඉනිම ප්‍රසංගයට මම ඉතා අසාවෙන් තමයි සහභාගි වෙන්නේ එය ඉතා සාර්ථක වෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා.

ඉදිරියට මගේ ගීත 2ක් පටිගත කිරීමට සූදානමින් ඉන්නවා. චිත්‍රපට තේමා ගීතයකටත් මට ආර‍ාධනා ලැබිල තියෙනවා. ඉදිරියේදී ඒවා අහන්න දකින්න ලැබේවී.

-මාලි-

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top