Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 08, 2018

ඒ තරහ ඉවරයි - ජයන්ත

වික්ටර් රත්නායකගේ දෙවන විවාහය සහ ඉරාජ්ගේ "දැණුනා" සංගීත වීඩියෝව පසුගිය දිනවල කාලා ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහිදී වික්ටර් රත්නායකගේ වැඩිමල් පුත් ජයන්ත රත්නායක ඉරාජ්ගේ වීඩියෝවට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර සිටියේය.

නමුත් පසුගිය දිනෙක ෆේස්බුක් සමාජ ජාල අඩවියේ පළවූ පින්තූරයක් කාගේත් විශේෂ අවධානයට යොමු වූයේ එහි විරසකව සිටි ජයන්ත සහ ඉරාජ් එකට එකතුවී ගමනක් යාමේ ආරම්භයක් සනිටුහන් කර තිබූ බැවිණි. මේ පිළිබදව සති අන්ත පුවත්පතකට ජයන්ත අදහස් දක්වා තිබුණේ මෙසේය.

මොකද්ද මේ හුටපටේ?

පහුගිය දවසක ඉරාජ් මගේ ළඟට ඇවිත් බොහොම සුහදව කතා කරා. මාත් සුහදව කතා කරා . ඒ අතර ඔහු මගෙන් ඇහුවා "අයියේ මන් මේක රෙකෝඩ් කර ගන්නද" කියලා. මාත් අකමැත්තක් ප්‍රකාශ කළේ නෑ. ඉතින් ඉරාජ් ඒක ෆොටෝ එකක් එක්ක ෆේස්බුක් දැම්මා . ඔන්න ඕක තමයි ලොකුවට කතා වුණේ.

පහුගිය කාලේ ඉරාජ්ට පතුරු යන්න බැනලා දැන් ඉරාජ් එක්ක අලුත් ගමනක් යන්න ලෑස්ති වෙනවා කියන්නේ ඇත්තද?
අපි මුණගැහිලා තව මාසයක්වත් නෑ. මම වරදට බැන්නා. එහෙම වුණා කියලා ජීවිත කාලෙම වෛර කරන්න ඕන නෑනේ.

ඒ කියන්නේ ඉරාජ් සමග නිර්මාණයක් කරන්න ඔබ ලෑස්තියි.
ඔහු ඇහුවම මම පොරොන්දු වුණේ නෑ. නමුත් මගේ ගීත රටාවට ගැලපෙනවා නම් සාහිත්‍යමය වටිනාකමක් තියෙනවා නම් මම ඒ ගැන සළකලා බලනවා.

කොහොම වුණත් ඔබේ පියාට අපහාස වෙන ආකාරයේ වීඩියෝවක් කළ වෙලාවේ ඔබ, ඉරාජ් කියන්නේ අසූචි වුණත් විකුණන වෙළෙන්දෙක් කියලා මාධ්‍ය ඉදිරියේ චෝදනා කරා. එහෙම කියපු ඔබට මේ අලුත් මිතුරුකමේ යම් අරමුණක් තියෙනවද?

කොහෙත්ම නෑ. මම ඉරාජ් ගැන එදා හිටපු ස්ථාවරයේමයි ඉන්නේ. මම කොහෙත්ම ඉරාජ්ව කලාකරුවෙක් හැටියට දක්නිනේ නෑ. එයා බිස්නස් කාරයෙක් . ඉරාජ්ගේ නිර්මාණවල සංගීතය ගැන තිබුණ විවේචන අදත් මට ඒ විදියටම තියෙනවා . එයා ඕනම දෙයක් විකුණලා මුදල් හම්බ කරන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඔහු සමග මිතුරු වීමේ කිසිම අරමුණක් මට නෑ. ඉරාජ් එක්ක විතරක් නෙවෙයි හැම කෙනෙක් එක්කම මම සුහදශීලීව ඉන්නවා. හැබැයි මට එදා වීඩියෝව දැක්ක වෙලාවේ නම් විශාල කේන්තියක් ආවා.

නදීෂා අතුකෝරල

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top