nsb

Dec 06, 2016

ජයන්තත් විසිවෙයි : මතුගම දිවයිනට එයි

දිවයින පුවත්පතේ වැඩබලන විධායක කර්තෘවරයා ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි මහතා ඊයේ (05) සිට අදාළ ධූරයෙන් ඉවත්වී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ පිළිබඳව විමසීමට අප ඔහු දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළද දුරකථනය ක්‍රියාවිරහිත කර ඇති බැවින් එය අසාර්ථක විය.

දිවයින හිමිකාරිත්වය දරනු ලබන නිමල් වෙල්ගම මහතා විසින් එහි වැඩ බලන කර්තෘවරයා ලෙස ඔහුගේ ගම්පලාත වන මතුගමින් පැමිණි වසන්ත ලියනගේ මහතා පත්කර ඇති බව වාර්තා වේ.

දිවයින බෙදාහැරීම් කළමනාකරු ලෙස කටයුතු කරන්නේ වසන්තගේ වැඩිමල් සොයුරාවන ලාල් ලියනගේ මහතාය.

ඔහුද මතුගම අයෙක්වන අතර මේවන විට මතුගමින් පැමිණි බොහෝ පිරිසක් දිවයින ආයතනයේ සේවය කරනු ලබන බව පැවසේ.

දීප්තිත් ගෙදර යයි

වසර 35ක පමණ කාලයක් දිවයින පුවත්පතේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ දීප්ති අධිකාරී මහත්මිය ද දිවයින පුවත්පතින් ඉවත්වන බවදන්වා තිබේ.

අදාළ තනතුරෙන් ඉවත්වීමට මසකට පෙර දැන්විය යුතු බැවින් ඇය සිය දැනුම්දීම ලබාදී ඇතැයි පැවසේ.

කෙසේවුවද, චන්ද්‍රසිරි මහතාට පෙර දිවයින පුවත්පතේ හිටපු කර්තෘ නාරද නිශ්ශංක මහතාට වයස පනස්පහ පිරෙනවාත් සමඟම ඔහුට අදාළ ධූරය හැරයන ලෙස වෙල්ගම මහතා දන්වා තිබිණි.

නිශ්ශංකත්, චන්ද්‍රසිරිත් ඉතා කෙටිකලකින් අදාල තනතුරෙන් ඉවත්කරගනු ලැබුවේ වෙල්ගම මහතාගේ කුමන්ත්‍රණයකට අනුව ඔහුට මතුගමින් දිවයිනට කර්තෘවරයෙක් පත් කිරීමට බව දිවයින මාධ්‍යවේදියකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top