Dec 06, 2016

දඹදිව වන්දනාවේ පැමිණිලි ඇත්නම් කියන්න

දඹදිව වන්දනා සඳහා 2016 වසරේ බැතිමතුන් රැගෙන ගිය වන්දනා ආයතන සම්බන්ධයෙන් පැමිණිලි හෝ අදහස් ඇත්නම් මේ මස 31 වැනිදාට පෙර ඒවා දැනුම්දෙන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

 වර්ෂ 2017 සඳහා සුදුසුකම් සපුරා ඇති දඹදිව වන්දනා චාරිකා සංවිධාන ලියාපදිංචි කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

ලබන වසර සඳහා දඹදිව වන්දනා චාරිකා සංවිධාන ලියාපදිංචි කිරීමේ දී 2016 වසරේ දඹදිව වන්දනාවේ ගිය බැතිමතුන්ගෙන් ලැබෙන  පැමිණිලි හා අදහස් සැලකිල්ලට ගන්නා බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසුවේය.

 ඒ අනුව ලේකම්, බුද්ධ ශාසන අමාත්‍යාංශය , අංක 135 ධර්මපාල මාවත කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් අදාළ පැමිණිලි සහ අදහස් යොමුකළ හැකි අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 011 2 30 76 74 හෝ 011 2 30 79 05  දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

comment (1)

  • හඳයා

    තාම ගියේ නැහැ ගිහින් ඇව්ල්ලා අඩු පාඩුවක් තිබුනොත් කියන්නම්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top