Dec 06, 2016

උදයංගගේ නැන්දා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ බැංකු ගිණුම් තහනම් කිරීමට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගෙන ඇති තීරණයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය කල් දමා තිබේ.

උදයංග වීරතුංග මහතාගේ නැන්දනිය විසින් අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර අදාළ බැංකු ගිණුම් තහනම් කිරීමට පෙර  පොලීසිය උදයංග වීරතුංග මහතාගෙන් කිසිදු කරුණු විමසීමක් සිදුනොකළ බව ඇය  පෙත්සම මගින් පෙන්වා දී ඇත.

පෙත්සම අද කැදවු අවස්ථාවේ රජයේ නීතීඥවරයා අධිකරණයට දන්වා ඇත්තේ නඩුව සඳහා පෙනී සිටින අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අසනීප තත්ත්වයේ පසුවන බවයි.

 ඒ හේතුවෙන් පෙත්සම සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත.

 එම ඉල්ලීම සලකා බැලූ අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප්‍රසන්න ජයවර්ධන යන විනිසුරුමඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන ජනවාරි මස 11 වැනිදා සිදුකරන බව දැනුම්දුන් බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top