Dec 06, 2016

රාවිරාජ් ඝාතන සිද්ධිය: සාක්ෂිකරුවෙකුට වරෙන්තු

හිටපු පාර්ලිමේනුතු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතන සිද්ධියේ 16 වන සාක්ෂිකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ මහාධිකරණය අද(06දා) වරෙන්තු නිකුත් කර තිබේ.

මොහු පොලිස් කොස්තාපල් ලියනාරච්චි අබේරත්න නැමැති පුද්ගයෙකි.

අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කර තිබේ.

නඩුව හෙට දිනයේ යළි කැදවීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top