Dec 07, 2016

''යහපාලනය වරිගේ ආරක්ෂා කිරීමට ද?'' (වීඩියෝ)

පසුගිය රජයේ වැරදි කරවුවන් වෙනුවට එම වැරදි හෙළිදරව් කල සමාජ මාධ්‍ය කතෘවරුන්ට එරෙහිව ඇතැම් ඇමතිවරුන් කටයුතු කරමින් සිටින බවට 'වමේ කේන්ද්‍රයේ' චමීර පෙරේරා මහතා ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී චෝදනා කළේය.

විජයදාස රාජපක්ෂ අමැතිවරයා අනියමින් අධිකරණයට බලපැම් එල්ල කරන බව එහිදී පැවසු චමීර පෙරේරා මහතා, එවැනි අයකු තවදුරටත් අධිකරණ ඇමතිධුරයේ තබා ගැනීම සුදුසු දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේය.

ඇමතිවරයා විසින් 'ඊ නිවුස්' කතෘට එරෙහිව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කර දින දෙකක් ගත වන විට කතුවරයාට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තු ලබා ගැනීමට නියෝග කරන්නේ එම බලපෑම් මත බව ඔහු කියා සිටියේය.


ගෝඨාව රකින්නෙ විජයදාස


ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරමින් ඔහු අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදී බලපෑම් කරන්නේ විජයදාස රාජපක්ෂ ඇමතිවරයා බවට ද චමීර පෙරේරා චෝදනා කළේය.

තමන් අමාත්‍ය ධුරයේ දරන තාක් ගෝඨභය අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙන බවට ඇමතිවරයා විසින් ප්‍රසිද්ධියේම මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන බවද ඔහු පවසා සිටියේය.

මෙවැනි ඇමතිවරුන් යහපාලනයට බාධාවක් බවත් යහපාලන බිහි කිරීමට උරදුන් අයවලුන් හට දඬුවම් දෙනවානම් එය බරපතල ප්‍රශ්නයක් බව ඔහු අවධාරණය කළේය.

(ceylonjournals)

comment (1)

  • සදුන්

    බලන් ගිහාම යාහපාලනයෙන් භාගයක්ම අයින් කරන්න වෙනවා ඔක්කොම එකයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top