Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 07, 2016

සංගීතවේදී සුනිල් කෝනාර දිවිසැරිය නිම කරයි

ප්‍රවීණ සංගීතවේදී සුනිල් දයානන්ද කෝනාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

දින කිහිපයක සිට රෝගාතුරුව රෝහල්ගත කර සිටි ඒ මහතා අද (07දා)ඩඅලුයම 4.30 ට පමණ දඹදෙණිය රජයේ රෝහලේදී අභාවප්‍රාප්ත වූ බවත්,මිය යනවිට හෙතෙම 64වන වියේ පසුවූ බවත් පවුලේ ඥාතීන් සඳහන් කරයි.

දැනට මල් ශාලාවේ පවත්නා දේහය එහි කටයුතු නිමාවීමෙන් පසු සවස් කාලය වනවිට දඹදෙණිය,මුතුගල පිහිටි නිවසට රැගෙන යාමට නියමිතය.

දේහය පිළිබඳ අවසන් කටයුතු 10වන සෙනසුරාදා සවස 4.00ට දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව පවුලේ ඥාතීන් කියා සිටියි.

හද පත්ලටම ආමන්ත්‍රණය කළා වූ ජනප්‍රිය ගීතයක් වන කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ‘කලා වැවේ නිල් දියවර අපේ අම්මා’ ගීතයේ පද රචනය සහ තනු නිර්මාණය යන දෙකම සුනිල් දයානන්ද මහතාගේ වන අතර සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරන ‘මහ වැස්සක් බිමට හෙළා’ ගීතයේත් තනු නිර්මාණය හා පද රචනයේ හිමිකරුවා වන්නේ ද ඔහුය.

ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ සංගීත ගුරුවරයා ලෙස කාලයක් සේවය කර ඇති සුනිල් කෝනාර මහතා දෙවරක් රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top