Dec 07, 2016

සෝභිත හිමියන්ගේ මරණය ගැන CID පරීක්ෂණ අවසන්

අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බව පවසමින් ඉදිරිපත්වූ පැමිණිල්ලට අදාළ පරීක්ෂණ කටයුතු අවසන් බව රහස් පොලීසිය අද (08දා) අධිකරණයට දැනුම්දී තිබේ.

උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් පැමිණිල්ලක් කරමින් සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බවත්,ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙසත් රහස් පොලීසියෙන් ඉල්ලා තිබුණි.

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් අවශ්‍ය නොවන බව අධිකරණයට කරුණු දක්වා වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව එම වෛද්‍ය වාර්තාව මත පරීක්ෂණ කටයුතු අවසන් කිරීමට තමන් තීරණය කළ බව රහස් පොලීසිය අද අධිකරණයට කරුණු දක්වා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top