15976 BM WEB BANNER 01
Dec 07, 2016

ජයම්පතිට මරණ තර්ජන

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට අදාළව තමන්ට සහ පවුලේ ඥාතීන්ට මරණ තර්ජන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා අද (07දා) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.

ඔහු එහිදී කියා සිටියේ තමන්ට දුරකථන ඔස්සේ පරුෂ වචනයෙන් බැණවැදී, පවුලේ සියලු දෙනා මරා දමන බවට තර්ජනය කර තිබෙන බවත්, ඒ පිළිබඳව වැලිකඩ පොලීසියට පමිණිල්ලක් කළ බවයි.

 ඒ අනුව මේ ගැන පරීක්ෂණයක් කරන ලෙස ඔහු  ඉල්ලා සිටියේය.

එහිදී නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පැවසුවේ මේ ගැන  පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් ඉදිරිපත් කරන බව හා පොලිස්පතිවරයා මාර්ගයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගන්නා බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top