Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 08, 2016

EPDP 3කට මරණ දඩුවම

යාපනයේදී දෙමළ ජාතික  සන්ධානයේ ආධාරකරුවන් දෙදෙනකු ඝාතනය කළ  ඊපීඩීපී සංවිධානයේ නියෝජිතයින් තිදෙනෙකුට යාපනය මහාධිකරණය විසින් ඊයේ (07දා) මරණ දඩුවම නියම කළේය.

2001 වසරේ නොවැම්බර් මස 28 වැනි දා මෙම ද්විත්ව ඝාතනය සිදුකොට තිබිණ.  මරණ දඩුවමට අමතරව දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින්ට හා සාමාජිකයින්ට පහරදීම සහ රථවාහන වලට අලාභ හානි සිදුකිරීමේ චෝදනාවන්ට වසර 20ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් සහ රුපියල් ලක්‍ෂය බැගින් වූ දඩමුදලක්ද ගෙවන ලෙස මහාධිකරණය  නියම කළේය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකුට එරෙහිව යාපනය මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූ අතර ඉන් දෙදෙනෙකු රටින් පළා ගොස් ඇති බව වාර්තා වේ.

අනෙක් සැකකරුවන් සිව් දෙනාගෙන් එක් අයෙකු නිදහස ලැබූ අතර තිදෙනෙකුට මෙලෙස මරණ දඬුවම හිමව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top