Dec 08, 2016

‘ස්මාර්ට් ඩයල් ප්ලස්‘ වංචාවට ලොක්කෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ‘ස්මාර්ට් ඩයල් ප්ලස්‘ නැමැති දුරකථන ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර ඇමතුම් මගින් ලැබිය යුතු ඩොලර් 46000ක් (රුපියල් 6, 821,110) පමණ වංචා කළැයි සැකපිට එහි සමාන්‍යාධිකාරී අජිත් දේවේන්ද්‍ර සිල්වා දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8දා) නියෝග කළේය.

ඔහු එම ආයතනයේ පරිගණක පද්ධතියට ඇතුළු වී දුරකථන අංක රැසකට විදේශ ඇමතුම් ලබා ගැනීමට ඉඩ සලසා ඇති බව පැවසේ.

මේ වන විට සිදුකළ පරීක්ෂණ අනුව ඔහු රුපියල් හාරලක්ෂයට පමණ පාඩුවක් සිදු කර ඇති බවට අනාවරණය වී ඇතැයි අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top