nsb

Dec 08, 2016

ජනපතිට මරණ තර්ජන කළ තරුණයා ඇතුළට

ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය හරහා ජනපතිට,අගමැතිට හා විපක්ෂ නායකට මරණ තර්ජන එල්ල කරමින් හඬ පටියක් ප්‍රචාරය කළැයි චෝදනාකරමින් අත්අඩංගුවට ගත් තරුණයෙකු දෙසැම්බර් 15 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(8දා) නියෝග කළේය.

විසි හය හැවිරිදි රත්ගම දිනූෂ් චාමර නම් මෙම තරුණයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු වෙනු‍වෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ වෙනත් අන්තර්ජාල පිටුවකින් ලබාගත් තොරතුරක් ඔහු එසේ පළ කර ඇති බැවින් සැකකරුට ඇප ලබාදෙන ලෙසයි.

කෙසේ වුවද මෙම සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන බැවින් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බව රහස් පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 15 තෙක් රිමාන්ඩ් කිරීමටත්, එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැනුම්දෙන ලෙසත් නියෝග කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top