Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 08, 2016

පාර්ලිමේන්තුව කල්නොතබන්න ජනපති එකඟයි (වීඩියෝ)

අයවැය විවාදයෙන් පසු පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට කටයුතු කෙරෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.

මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවට ගන්නා තුරු එවැන්නක් කිසිසේත් සිදුනොවන බව රාජ්‍ය අමාත්‍යවරයා අද (08) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

යෝජිත පළාත් පාලන මැතිවරණය කොට්ඨාස ක්‍රමය යටතේ ලබන ජුනි මාසයේ පැවැත්වීමට හැකි වනු ඇති බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා, ''පාර්ලිමේන්තුව කල්තැබීමේ වුවමනාවක් ඇත්නම් ඒ බැඳුම්කර ගණුදෙනුව යටගසා වරදකරුවන්ට සුදුහුණු ගෑමට බව'' මෙම මාධ්‍ය හමුවේදී පැවසීය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුව තුළ කෝප් කමිටු වාර්තාව පිලිබඳ අවසන් නිගමනයක් ලැබෙනතුරු පාර්ලිමේන්තුව කල්තැබීමේ අවශ්‍යතාවක් නොමැති බවට ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇතැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top