Dec 09, 2016

රනිලුත් මෛත්‍රී පාරේ - එජාප ව්‍යවස්ථාවත් වෙනස් කිරීමට යයි

එජාප ව්‍යවස්‌ථාව නව ලොවට ගැළපෙන පරිදි අලුතින් සැකසිය යුතු බව එම පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී පැවසිය.

ඒ සම්බන්ධව කටයුතු කිරීමට කමිටුවක්‌ පත් කරන බවත් ඒ පිළිබඳව ඊළඟ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කරන බවත් අගමැතිවරයා පවසා සිටියේය.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වඩාත් ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රීයකරණයට ලක් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන්ට දැනුම් දී තිබිණ.

ඒ අනුව පක්ෂයේ නායකයාට හිමිව තිබෙන ආඥාදායකයකුගේ තරමින් වන බලතල රැසක් කපා හැර පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ බලය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සෙසු නායකයන් වෙත බෙදාහැරීම සඳහා නව ව්‍යවස්ථාවක් පිළියෙල කිරීම නුදුරේම සිදු වීමට නියමිතය.

පක්ෂයේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකර රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාගේ මතය වී තිබෙන බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයකු පැවැසීය.

සබැඳි පුවත් :

ශ්‍රීලනිප ව්‍යවස්ථාව සංශෝධනයට - නායක බලතල කැපේ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top