Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 09, 2016

දෙමටගොඩ චමින්දගෙන් සාක්ෂිකරුවන්ට මරණ තර්ජන

සහස්පුර බාබර් සාප්පුවකදී පුද්ගලයෙකුට වෙඩි තබාඝාතනය කළේ යැයි කියන නඩුවේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අලුත්කඩේ උසාවි භූමියේදීම දැනට මරණ දඬුවම් නියමව සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා විසින් මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකරන බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.

භාරත ලක්ෂ්මන් ඝාතන චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණයට කැඳවාගෙන පැමිණි අවස්ථාවකදී උසාවි භූමියේදීම මෙසේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව  පරීක්‍ෂණ සිදු කරන බව පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

දෙමටගොඩ චමින්ද නමැත්තා අධිකරණයට කැඳවාගෙන පැමිණීම නිසා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට හා ඒ අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්‍ෂාව ද යොදා තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top