Dec 09, 2016

ඊ නිව්ස් කර්තෘ අල්ලන්න රතු නිවේදන ගන්න බැරිවෙයි

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කතෘ සඳරුවන් සේනාධීර නමැත්තා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු නිවේදන ලබා ගත නොහැකි බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද(09දා) අධිකරණයට දැනුම් දුන්නේ ය.

සඳරුවන් සේනාධීර යන අයට අධිකරණය චෝදනා ගොනු කර නොමැති වීම ඊට හේතුව බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේය.

ඔහුට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර පොලීසිය දැනුම් දී ඇති බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ ය.

ඒ අනුව ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් චන්ද්‍රිකා ජයදේවි අමරසිංහ මහත්මිය එම නඩුව අප්‍රේල් මස 07 වන දාට කල් තැබුවා ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top