Dec 09, 2016

‘ආගම් අතර සුහදතාව කඩ නොකරනු’

ආගම් අතර සුහදතාව කඩ කිරීමේ ප්‍රකාශ නිකුත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවුහිද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රාසික්ව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

සැකකරුට රුපියල් දසදහසක මුදල් ඇපයක් ද , ලක්ෂ 10 බැගන් වු ශරීර ඇප 2 ක් ද නියම කළේය.

කිසිදු විශ්වාසයකට මින් පසු පීඩාවක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ හොත් නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් කරන බව මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා ප්‍රකාශ කළේය.

බුදු දහමට හා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සමාජ ජාල වෙබ් අඩවි වෙත මුදාහැර ඇති බව කියමින් පොලීසිය විසින් සැකකරු පසුගිය මස 16දා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top