15976 BM WEB BANNER 01
Dec 09, 2016

කොළඹ වරායෙන් කොකේන් කිලෝ 800ක් හමුවෙයි

කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අධිකරණ නියෝගයක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදු කළ පරීක්ෂාවකදී මෙම නෞකාව සොයා ගෙන තිබේ.

එම කාර්යංශය ප්‍රකාශ කළේ, දැව ප්‍රවාහනය කරන එම නෞකාව ඉක්වදෝරයේ සිට පැමිණ ඇත්තේ, ඉන්දියාව බලා යාත්‍රා කිරීමට බවය.

අදාළ නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවක් මත පරීක්ෂා කළ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් සිටියි.

මෙම කොකේන් තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

viber image

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top