Dec 09, 2016

දුමින්දගේ හිරගෙදර පාටිය බොරුවක්

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැලිකඩ බන්ධනාගාර රෝහලේදී උපන්දින සාදයක් පැවැත් වූ බවට පල වූ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ අදාළ වාර්තා සම්බන්ධයෙන් තමන් කැඳවූ වාර්තාවකට අනුව එම මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි පෙනී යන බවයි.

දුමින්ද සිල්වා විසින් බන්ධනාගාරය තුළ සාදයක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

(නෙත් නිව්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top