nsb

Dec 10, 2016

හම්බන්තොට වරායේ නැව් වටා ආරක්ෂක වළල්ලක් (UPDATE)

හම්බන්තොට මාගම්පුර වරායේ උද්ඝෝෂණයක නිරත සේවකයින් විසින් දින කිහිපයක් රඳවාගෙන සිටි වෙළඳ නෞකා දෙක මුදා ගැනීම සඳහා නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරමින් සිටියි.

මේ වනවිට මෙම නෞකා දෙක වටා ආරක්ෂක වළල්ලක් යොදා තිබේ.

තමන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවයට බඳවා ගන්නැයි ඉල්ලමින් හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින් පිරිසක් මීට දින කිහිපයකට පෙර උද්ඝෝෂණයක් ආරම්භ කළ අතර, වරායේ මෙහෙයුම් කටයුතුවලට මේ නිසා බාධා එල්ල වී ඇත.

උද්ඝෝෂණයේ නිරත සේවකයින් පවසන්නේ නාවික හමුදා භට පිරිසක් පැමිණ සිය උද්ඝෝෂණය මර්දනය කිරීමට උත්සහ කරන බවයි.

මේ සම්බන්ධයෙන් නාවික හමුදාවෙන් කල විමසීමකදී පැවසුවේ හම්බන්තොට මාගම්පුර වරායේ සිය මෙහෙයුම් සිදුකරන්නේ උද්ඝෝෂකයින් විසින් දින කිහිපයක් තිස්සේ සිරකරගෙන සිටින වෙළෙඳ නෞකා දෙකක් මුදාගැනීමට බවයි.

(නෙත් නිව්ස්)

හම්බන්තොට වරාය උණුසුම් - විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්

තම රැකියා ස්ථිර කර දෙන්නැයි ඉල්ලමින් විරෝධතාවයේ නිරතව සිටින හම්බන්තොට වරායේ සේවකයින් විසුරුවා හැරීමට එහි නාවුක හමුදාව උත්සාහ දැරීමත් සමග උණුසුම් තත්වය් මතුව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද මේ ගැන පාර්ලිමේන්තුවේදී කියා සිටියේ නාවුක හමුදාව වරාය සේවකයින්ට පහර දෙමින් සිටින බවයි.

හමුදාව වෙඩි තබා ඇති බවත් පොලූවලින් සේවකයින්ට පහර දී ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top