Dec 10, 2016

අයවැය තෙවැනි වරත් සම්මතයි !

අය වැය තෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී අද (10) වැඩි ඡන්ද 110කින් සම්මත විය.

අය වැයට පක්ෂව ඡන්ද 165ක් ලැබුණු අතර විපක්ෂ ලැබුණේ ඡන්ද ගණන 55කි.

යහපාලන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රීලනිපයේ පිරිසක් ඊට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අය වැයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ.

ජන්ද විමසීමට මන්ත්‍රීවරු සිවුදෙනෙකු සහභාගිවී නොමැත.

අය වැය තෙවැනිවර කියවා සම්මත කිරීමට පෙර විපක්ෂයේ ඉල්ලීම මත මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය සඳහා ද ඡන්ද විමසීමක් සිදුකෙ‍රුණු අතර සංශෝධන සහිතව එය සම්මත විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top