nsb

Dec 11, 2016

බැසිල් විදෙස්ගත වෙයි

බැසිල් රාජපක්‍ෂ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ (10 )  ඇමරිකාව බලා පිටත් ව ගිය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා පැවසිය.

පක්‍ෂයේ ඉදිරි වැඩකටයුතු වඩාත් කාර්යක්ෂමව පෙරට ගෙනයාම සඳහා වෛද්‍ය ප්‍රතිකාර අවසන් වූ සැණින් නැවත ලංකාවට පැමිණෙන බව බැසිල් රාජපක්‍ෂ මහතා පක්ෂයට දැනුම්දී ඇතැයි ද ඔහු කියා සිටියේය.

අධිකරණය විසින් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඔහුට පනවා තිබූ විදෙස් සංචාරක තහනම පසුගියදා අත්හිටුවනු ලැබිය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top