Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 11, 2016

නෝර්වුඩ්හිදී වස දී දිවියකුගේ පණ නසලා

නෝර්වුඩ් ග්ලැන්කන් තේ වතුයායේ කාණුවක්මත මියගොස් සිටි දිවියකුගේ මළ සිරුරක් නල්ලතන්නිය වනජීවී කාර්යාලය විසින් සොයාගෙන තිබේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම දිවියාගේ සිරුර ජාතික පශු සම්පත් වෛද්‍ය ඒකකය වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අඩි 3ක් පමණ උස අඩි 5ක් පමණ දිග දිවියෙකි.

දිවියාට කිසියම් වස වර්ගයක් මිශ්‍ර කළ මස් ආහාරයට දී ඇති බවට වනජීවී නිලධාරීන් සැක කරති.

මධ්‍යම කඳුකරයේ වෙසෙන දුර්ලභ ඝණයේ දිවියන් කිහිපදෙනෙකුටම මීට පෙරද සංවිධානාත්මක ලෙස වස මිශ්‍ර මස් හා උගුල් අටවා තිබූ බවද වනජීවී ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඡායාරූපය - රිවිර

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top