Dec 13, 2016

ලිඛිත විසදුමක් ඉල්ලා සත්‍යග්‍රහය දිගටම (update)

සත්‍යග්‍රහයේ නිරත හම්බන්තොට,මාගම්පුර වරාය සේවකයන් වරාය පිවිසුම් දොරටුව ඉදිරිපිට ශීල ව්‍යාපාරයක නිරතවේ.

මොවුන් ආරම්භ කළ සත්‍යග්‍රහයට අද ට දින 07 කි.

ලිඛිත විසදුමක් ලැබෙන තෙක් සත්‍යග්‍රහය ක්‍රියාත්මක වන බව මෙම වරාය සේවකයන් පවසා සිටියි

update 13/12/2016 13.00pm


උද්ඝෝෂකයන් හෙට සීල ව්‍යාපාරයක

හම්බන්තොට මාගම්පුර වරායේ සේවකයින්ගේ සේවා ස්ථීර කිරීම සම්බන්ධයෙන් රජය ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තෙක් විරෝධතාව අත්නොහරින බව හම්බන්තොට වරාය සේවකයින් පවසයි.

එම සේවකයින් පවසන්නේ රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා කළ ද මෙතෙක් පිළිගත හැකි පිළිතුරක් නොලැබුණු බවයි.

මේ අතර හෙට( 13දා) ට යෙදෙන උදුවප් පොහෝ දිනයේ උද්ඝෝෂණයේ නිරත සියලුම සේවකයන් සීල් සමාදන් වීමට නියමිත බව හම්බන්තොට මාගම්පුර වරාය සේවක සංගමයේ උප සභාපති අයි.කේ ඔමේෂ් මහතා සදහන් කරසිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top