nsb

Dec 14, 2016

මුස්ලිම් කොංග්‍රසයට ලේකම්ද? මහ ලේකම්ද? - තීරණාත්මක රැස්වීමක්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක් අද (14) සවස කොළඹ කොම්පඤ්ඤ වීදියේ දරුස්සලාම් කොංග්‍රස් මූලස්ථානයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

පක්ෂයේ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වේ.

දේශපාලන පක්ෂයක ලේකම්වරයෙක් හා මහ ලේකම්වරයෙකු වශයෙන් ලේකම්වරුන් දෙදෙනකු සිටිය නොහැකි බැවින් එය විසඳා ස්ථීර ලේකම්වරයා හෝ මහ ලේකම්වරයා කවුරුන්ද යන්න තමා වෙත දන්වන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකත්වයට කරන ඇති ලිඛිත දැන්වීමක් අනුව එය නිරාකරණය කරගැනීමට මෙලෙස අද දින රැස්වන බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගටළුව විසඳා ලබන 15වනදාට පෙර තමන් වෙත දැනුම්දෙන ලෙසත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකත්වයට වැඩිදුරටත් දන්වා ඇත.

ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම්වරයා ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍ය ටී.හසන් අලී මහතා කටයුතු කළ අතර ඔහුගේ බලතල අඩු කරමින් නව ලේකම්වරයා ලෙස කාදර් ඒ. මන්සූර් පත්කිරීමට මුස්ලිම් කොංග්‍රසය ඉකුත්දා තීරණය කර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top