Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 14, 2016

'නාවික හමුදාව හදිසිතත්වය මැනවින් පාලනය කළා '

විරෝධතාවය හේතුවෙන් අක්‍රිය වී ඇති හම්බන්තොට වරායේ වැඩ කටයුතු කරගෙන යාමට නාවික හමුදා නිලධාරීන් යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පවසයි.

දකුණු කොරියා වාහන ප්‍රවාහන නෞකාවක් වන ‘ග්ලෝවිස් ෆීනික්ස්’ නෞකාවට කාර් සහ ජීප් රථ 1,086 ක් පැටවිමට නාවික හමුදාව කටයුතු කළේය. එම නෞකාව අද (14) දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය වෙත පිටත් විමට නියමිතය.

හම්බන්තොට වරායෙන් වාහන 1086ක් නැව්ගත කිරීමේ කටයුතු පසුගියදා නාවික හමුදාව අතින් සිදුකෙරිණි.

දෙසැම්බර් (10දා) උද්ගත වු හදිසි තත්ත්වය නාවික හමුදාව විසින් මැනවින් පාලනය කළ බවත් එමගින් වරායේ ආරක්ෂාව තහවුරු කර අනෙකුත් කටයුතු යථා තත්ත්වයට පත් කළ බවත් නාවික හමුදාව පවසයි.

එමෙන්ම වරායේ විදුලි ජනක යන්ත්‍ර සහ විදුලි පද්ධති වල කර තිබු නොයෙකුත් විදුලි විසන්ධි කිරිම් සහ යන්ත්‍රෝපකරණ වලට හානි පැමිණෙන ලෙස යොදා තිබු නොයෙකුත් බාධක ඉවත් කිරිමට සහ ප්‍රකෘති තත්ත්වයට පත් කිරිමට නාවික හමුදා නිලධාරීන්ට සහ නාවිකයන්ට මහත් පරිශ්‍රමයක් දැරිමට සිදුවූ බවත් අලෙවි මහතා සඳහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top