Dec 14, 2016

අනුර ආයෙත් ඇතුළට

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට සම්බන්ධ යැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික දෙසැම්බර් 26 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා අද (14දා) නියෝග කළේය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා නිතිපති වෙනුවෙන් පෙනී සිටිමින් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදු වු අවස්ථාවේ දී පිටුපසින් පැමිණි වාහනය පිළිබඳ පරික්ෂා කරන බව අධිකරණයට දන්වා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top