15976 BM WEB BANNER 01
Dec 15, 2016

ජනපති මැලේසියා යයි

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15දා) මැලේසියාව බලා පිටත්ව ගොස් තිබේ.

මැලේසියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර ආර්ථික හා වෙළෙඳ සබඳතා වැඩිදියුණු කරගැනීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.

දෙරටේ ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් සහභාගීවන වෙළෙඳ සමුළුවකටද අද දිනයේ ජනාධිපතිවරයා සහභාගීවීමට නියමිතය.

ශ්‍රී ලංකා - මැලේසියානු තානාපති සබඳතා අරඹා වසර 60ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සංවත්සර උත්සවයද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ආසියාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස මැලේසියාව හැඳින්විය හැකි අතර දෙරට අතර සංචාරක, සංස්කෘතික, ක්‍රීඩා හා මානව සම්පත් සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි සබඳතා රැසක් පවතී.

එම සබඳතා වලට නව ප්‍රවේශයක් ලබාදෙමින් ජනාධිපතිවරයා මෙම සංචාරය තුළදී ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද එළඹීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය තුළදී  මැලේසියානු රජු වන සුල්තාන් මොහොමඩ් රජු මෙන්ම අග්‍රාමාත්‍ය නජිබිබීන් තුන් අබ්දුල් රසාක් මහතා ද හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top