nsb

Dec 15, 2016

පාලිත මහිපාලට ඉහළම තනතුරක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහිපාල මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය රටවල බෝ නොවන රෝග පාරිසරික සෞඛ්‍ය හා සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සම්බන්ධීකාරකවරයා ලෙස පත්කර තිබේ.

ඒ මහතා හෙට (16ා) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ කාර්යාලයේදී නව තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය.

ඒ අනූව කලාපයට අයත් රටවල් 11ක ප්‍රධානියා ලෙස‍ ඔහු කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි තනතුරකට පත්වන පළමු නිලධාරියා ලෙසද ඔහු සැලකේ.

2011 දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ ඒ මහතා සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ අවුරුදු 30ක පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top