nsb

Dec 15, 2016

හම්බන්තොට වර්ජකයෝ දණ ගසයි -වර්ජනය නිමයි

මාගම්පුර වරාය සේවක කමිටුව දින 09 ක් පුරා දියත් කර තිබූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කර තිබේ.

සත්‍යග්‍රහයේ නිරත සේවකයන් අද (15දා) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව අද පස්වරු දෙකේ සිට රාජකාරී සදහා වාර්තා කරන බව මාගම්පුර වරාය සේවක කමිටුවේ සභාපති අයි.කේ ඔමේෂ් මහතා සදහන් කර සිටියි.

වරාය කළමනාකරණ සමාගමේ සේවයේ නියුතු සියලුම සේවක/සේවිකාවන් අද(15)ප.ව 2.00ට ප්‍රථම සේවයට වාර්තා කළ යුතු බවත්,එසේ සේවයට වාර්තා නොකරන ලද පිරිස් සේවය අතහැර ගියා සේ සැලකීමට ක්‍රියාකරන බවත් වරාය හා නාවුක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ දිනයේ නිවේදනය කර තිබුණි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top