nsb

Dec 15, 2016

නැව්පති යුද්දෙට දක්ෂයාලු

හම්බන්තොට මාගම්පුර වරායේ සේවක උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා නාවික හමුදාව යෙදවූයේ හමුදාව කෙරෙහි ජනතාවට ඇති ගෞරවය සහ විශ්වාසය බිඳ හෙළීමට දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සැක පළ කරයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයේ අද (15) පැවැත්වෙන වැඩමුළුවකදී ඔහු මේ බව කියාසිටියේය.

මෙම වැඩමුළුව සංවිධාන කර තිබුණේ පළාත් පාලන මහජන නියෝජිතයන් වෙනුවෙනි.
“මේක වර්ජනයක් කඩාකප්පල් කරන්න නාවික හමුදාව යොදා ගත්තු අවස්ථාවක්. විශේෂයෙන් නාවික හමුදාපතිවරයා යුද්ධ කාලයේ ඉතාම දක්ෂ නිලධාරියෙක්. මේක පෙළඹවීමක්. ජනතාව තුළ හමුදාව කෙරෙහි ඇති විශ්වාසය පළුදු කරව ගන්න කරපු වැඩක්.” යයි මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී වැඩි දුරටත් පැවසිය.

මාධ්‍ය ලොක්කන්ට ගෙන්නලා බනිනවා : පොඩ්ඩන්ට ගහනවා

ආණ්ඩුව එක් පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන බවත්, එහෙත් මැතිවරණ නොතබන බවත්, අනෙක් පැත්තෙන් දූෂණය ගැන කතාකරමින් පික්පොකට් න්‍යායාය ක්‍රියාත්මක කරන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය ලොක්කන්ට ගෙන්වා බැනවදින බවත්, පොඩ්ඩන්ට පහරදෙන බවටත් හිටපු ජනපතිවරයා චෝදනා කළේය.

වැඩිදුරටත් ඔහු මෙසේය කීය (හඬපටය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top