Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 15, 2016

රතුපස්වල හමුදා අවි තෙවසරකට පසු රස පරික්ෂකට

පිරිසිදු පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ වැලිවේරිය රතුපස්වල ගම්වාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබු අවස්ථාවේ එම උද්ඝෝෂණය පාලනය කිරිමට  ගෙන ආ යුද හමුදා නිලධාරින් 40 දෙනෙක් ළඟ තිබු ටී 56 අවි 40 ක් අපරාධ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට  බාර දුන්නේය.

රතුපස්වල ගම්වාසීන්  මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ 2013 අගෝස්තු 1 වැනි දාය.

අවි 40 ක් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා දෙන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානයක්කාර මෙනවිය අද (15දා) නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top