Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 16, 2016

ඔබාමාගෙන් ලංකාවට තෑග්ගක්

ශ්‍රී ලංකාවට ළඟදීම ලැබෙන තවත් අමෙරිකානු ආධාරයක් පිළිබඳව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අනාවරණ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැලේසියානු සංචාරය අතරවාරයේ  'නෙත් නිවුස්' සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මෙසේ පවසා සිටියේය.

“බරක් ඔබාමා ධූරයෙන් යන්න කළින් මේක ලංකාවට ලැබෙන තෑග්ගක්. ඊයේ අමෙරිකාව යළි වතාවක් ප්‍රකාශ කළා ලංකාවට මිලේනියම් චැලේන්ජ් කම්පැක්ට් එක ලබා දෙනවයි කියලා. එතන ඩොලර් මිලියන 500 කට වැඩිය මුදලක් තියෙනවා. මේක ණයක් නෙමෙයි. මේක ආධාරයක්. රාජපක්ෂ පාලන සමයේ අමෙරිකාව විසින් ඒක සම්පූර්ණයෙන්ම අවලංගු කරලයි තිබුණේ.” ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ප්‍රතිපත්තිය සියලු රටවල් සමග සුහදව කටයුතු කිරීම බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදී අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාවේ මෙම විදේශ ප්‍රතිපත්තිය සෙසු රටවල ඇගයීමට ලක්ව ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී පැවසිය.

හම්බන්තොට වරාය චීනයට විකුණා ඇතැයි කෙරෙන ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනතාවට අද අවශ්‍ය වන්නේ ආර්ථික දියුණුව බවත් ඒ ආර්ථිකය ලබා දෙන්නේ හම්බන්තොටද චීනයද ඉන්දියාවද යන්න වැදගත් නොවන බවද සඳහන් කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top