Dec 16, 2016

යාපනය පොලිසියේ 5 යළි රිමාන්ඩ්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පොලිස් නිළධාරින් 05 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කළ බව යාපනය පොලිසිය සඳහන් කළේය.

පසුගිය ඔක්තෝබර් මස 21 වනදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් තිබුණි.

සිද්ධියට අදාළව එදින රථ වාහන රාජකාරියේ නිරතව සිටි යාපනය පොලිසියට අනුයුත්ත පොලිස් නිළධාරින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top