Dec 16, 2016

අගමැති - ජනමාධ්‍ය ලේකම් අවුල 'සරසවි' වේදිකාවට !

සරසවි චිත්‍රපට සම්මාන උළෙල අවසන් විය. එහෙත් සම්මාන පිරි නැමීමට ප්‍රභූන් වේදිකාවට කැදවූ හැම අවස්ථාකම සංවිධාකයන් උනුන් මුහුණ බලා ගත්හ.

ඒ, කල්තියා සැලසුම් කළ ආකාරයට  සම්මාන පිරි නැමීමට තෝරා ගත් සමභාවනීය අමුත්තන් ඒ සදහා වේදිකාවට නොකැදවීම නිසාය.

එක් පුද්ගලයන් නැවත නැවත කැදවා සම්මාන පිරිනමන තත්වයට වැඩේ තල්ලු විය.

සම්මාන පිරිනැමිමට කැඳවිය  යුතු ලැයිස්තුවේ ජන මාධ්‍ය අමාත්‍යාංයේ ප්‍රධානින්ගෙ නම් සදහන්ව තිබිණ.  එහෙත් ඒ කිසිවෙකු නොකැදවීය.

මේ හදිසි වෙනසට හේතුව ජන මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේට ආරාධනා කර තිබිමය.

අග්‍රාමාත්‍ය වරයා  ප්‍රධාන අමුත්තා ලෙස සහභාගිවූ මේ උත්සවයේ සම්මාන ප්‍රධානය පිණිස නිමල් බෝපගේ කැදවීමේන් අගමැතිවරයා උදහස් වෙන බවට අනියත බියක් ඇතිවී තිබිණ.

ඒනිසා සංවිධායක මණ්ඩලයේ ඉහළින් අවසන් මොහොතේ බෝපගේ ගේ නම කැපින.

රංගටත් වේදිකාව අහිමිවේ :

ඒ සමග මතුකළ ප්‍රශ්නය බෝපගේ මහතා සම්මාන ප්‍රදානය පිණීස නොකැදවයි නම් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංග කලන්සුරිය කැදවීමෙන් ප්‍රශ්නයක් ඇති විය හැකි බවය. ඒ අනුව ජන මාධ්‍ය ඇමති නියෝජ්‍ය ඇමති හැර කිසිවෙකු නොකැදවීමට සිදුවිය.

ලේක් හවුස් ආයතනයේ පමණක් නොව බොහෝ දෙනා  මන්ත්‍රින්ට කුලී රථ සැපයීමේ ව්‍යාපෘතියට ලේකම්වරයා අනුමැතිය නොදිම ගැන සිටින්නේ මහත් සැකයෙනි. ඔවුන් කල්පනා කළේ වහා ලේකම් ඉවත් කරනු ඇත කියාය.

එසේම රංග කලන්සුරියව ලේකම් තනතුරට පත් කිරිමට පැවති සැලසුම්ද අක්‍රියව ඇත. ඊට හේතුව හම්බන්තොට නාවික හමුදාපති සිද්ධියේ්‍දී  රංග කලන්සුරිය පැනලා දී නැවත හැකිලි ගිය නිසාය.

මේ වනවිට රංග කලන්සුරිය හරහා අපේක්ෂා කළ බොහෝ දේ කරවාගත හැකිද යන ප්‍රශ්නය මතුව ඇත.

රංග කලන්සුරිය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වී නිකුත් කර පසුව හකුලා ගත් නිවේදන එකක් දෙකක් නොවේ.

බොහෝ දෙනා කල්පනා කළේ ගැටලුව නිමල් බෝපගේ කියාය. එහෙත් මේ වනවිට රංග කලන්සුරිය හරහා කියවා කරවා ගන්නා දේ ඔහු කොහි මොහොතේ හෝ ඉල්ලා අසකර ගැනීමේ පුරැද්ද නිසා ඔහු දරන තනතුර වර්තමාන ආණ්ඩුවේ ගෞරවයට බරපතල ලෙස බලපා හැකි බවට මේ වන විට ඉහළ මට්ටමෙන් නිරික්ෂණය කරමින් සිටියි.

නිමල් බෝපගේ තවම අමාත්‍යාංශ ලේකම් තනතුර දැරීමත් ඔහු නිසා මන්ත්‍රින්ට කුලී රථ සැපයීමේ ව්‍යාපෘතිය අවුලක් විමත් දෙස අග්‍රාමාත්‍ය කාර්යාලය පසුවන්නේ මහත් නොඉවසිල්ලෙනි.

'ඒ යකාට කොන්දක් තියෙනවා' :

බොපගේ ඉවත් කිරිමේ ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී සිටින්නෙකු නිමල් බෝපගේ යවන්නේ නැතිදැයි  සමන් අතාවුදහෙට්ටි ගෙන් අසා ඇත.

ඊට පිළිතුරැ ලෙස ''මචං ඒ යකාට කොහොමටත් කොන්දක් තියෙනවා. මේ රංගයා ගම කනවානේ. මම රංග නිසා ඊයෙත් බැනුම් ඇහුවා'' යයි සමන්  පිළිතුරැ දී  ඇත.

කෙසේවෙතත් මන්ත්‍රින්ට කුලී රථ සැපයීමේ ව්‍යාපෘතියට මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සමරතුංග ලවා අනුමැතිය ලබා ගැනීමද පහසු නොවන බවක් මුදල් ඇමති රවි කරැණානායක පවසා තිබිණ.


(විශේෂ ලියුම්කරුවකු විසිනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top